ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි..

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අද (08) යි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී තම ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක්‌ පැවතුම් සූත්‍රය දේශනා කරන ලද්දේ ඇසළ පොහෝ දිනයකදීය. පළමු වස්‌ සමාදන් වීමද ප්‍රථම ධර්ම දේශනාව පවත්වන ලද අැසළ පොහෝ එදිනයේදීම සිදු විය.

ගෞතම බෝසතාණන් දෙව් බඹුන්ගේ ආරාධනාවෙන් මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගත්තේ ද ඇසළ පුන් පොහොය දිනයකයි. එසේම සිදුහත් කුමාරයා සතර පෙරනිමිති දැක ගිහිගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය කළේද ඇසළ පුන් පොහොය දිනයකදීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top