උතුරේ අලුත් ඇමැතිකම් ස්ථීර කිරීමට ගැන තීරණය මාස තුනකින් – විග්නේෂ්වරන්

උතුරු පළාත් සභාවේ අලුතින් පත් කළ ඇමැති ධුර ස්ථිර කරන්නේ මාස තුනක් බැලීමෙන් පසුව බව උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

එම මාස තුනක කාලසීමාව තුළ ඔවුන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක නිරත වන බවත්, ඒ අනුව ඉදිරියේ දී පවත්වන විශේෂ සාකච්ඡාවකින් පසු ඔවුන්ට මේ තනතුරු දිගටම දැරීමට අවස්ථාව ලබාදෙන්නේද යන්න තීරණය කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මහ ඇමැතිවරයා සඳහන් කළේය.

පසුගිය මාසයේ මහ ඇමැතිවරයාට එරෙහිව පළාත් සභාවට විශ්වාසභංගයක් ඉදිරිපත් වූ අතර, ඇමැති මාරුවක් හරහා එය ජයග්‍රහණය කිරීමට මහ ඇමැතිවරයාට හැකි විය. අධ්‍යාපන, ක්‍රීඩා සහ යෞවන කටයුතු, සංස්කෘතික කටයුතු ඇමැති ලෙස ආචාර්ය කන්දයියා පර්මේශ්වරන් ද, කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමූපකාර, ආහාර සැපයුම්, කර්මාන්ත සහ ව්‍යවසාය ප්‍රවර්ධන ඇමැතිනිය ලෙස ආනන්දි ශෂිදරන් ද පත් කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top