SRILANKAN NEWS

මයිලිටි වරාය නිදහස් කිරීමේ උත්සවයට ආරාධනා නොකළේ ඇයි ?

වසර 27කට පසු මයිලිටි ධීවර වරාය පසුගිය 3 වනදා ජනතා අයිතියට පත් කෙරුණි. එම උත්සවයට තමන්ට ආරාධනා නොකළේ ඇයි දැයි විමසා උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා යාපනය දිස්ත්‍රික්ක ලේකම්වරයාට ලිපියක් යවා තිබේ.

ඉඩම් පිළිබඳ කටයුතු තමන්ට අයත් බවත්, මයිලිටි ඉඩම් නිදහස් කිරීමේ අවස්ථාවට තමන්ට ආරාධනා නොකිරීමට හේතුව කුමක් දැයි පැහැදිළි කරන ලෙස මහ ඇමැතිවරයා සිය ලිපියෙන් ඉල්ලා තිබේ.

මේ අතර, ඉකුත් උත්සවය හමුදාව විසින් සංවිධානය කර තිබූ අතර එයට දේශපාලකයන් ඇතුළු දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ නිළධාරීන්ට ද ඇරයුම් කර නැති බව පැවැසේ. යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී පසුගිය ඉරිදා දින මුස්ලිම් ජනතාවගේ ගැටළු පිළිබඳ සාකච්ඡාවක්ද පවත්වා තිබූ අතර, එයට ද තමන්ට ආරාධනා නොකිරීමේ හේතුව විමසා මහ ඇමැතිවරයා විසින් ලිපියක් යවා තිබේ.