ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව සිව්වැනි තරඟය සිම්බාබ්වේ ජය ගනී

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංග‍ණයේදී අද (8) පැවැති සිවුවැනි එක්දින තරගයේදී කඩුලු 4 ක පහසු ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ පිල සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමගින් 2-2 ක් ලෙසින් තරගාවලිය සමකිරීමට සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 300 ක් ලබාගත්තේය. පසුව වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය වෙනුවෙන් සිම්බාබ්වේ පිල ඕවර 31 කදී ලකුණු 219 ක් ලබාගත යුතු විය. සාර්ථකව සිය ඉලක්කය කරා ගිය සිම්බාබ්වේ පිතිකරුවෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය කරා අවතීර්ණ වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top