SRILANKAN NEWS

රාජපක්ෂවරුන්ට සහනයක් දිය යුතුයි – අමාත්‍ය මහින්ද අමරවීර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එතුමාගේ පවුලේ සාමාජිකයින් මෙරට තුල දුෂණ වාංචා සිදු කර ඇත්නම් ඒ පිළිබදව විධිමත් පරීක්ෂණ කර නීතිය ක්‍රියාත්මක කල යුතු බවත්, ඒවාගේම ඔවුන් විසින් මෙරටට කරන ලද සේවය ගැන සලකා බලා යම්කිසි සහනයක් ලබා දිය යුතු බව තමන්ගේ පුද්ගලික මතය බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මහා ලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (08) දින මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මේ දිනවල හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ තමන්ට විරුද්ධව විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින් බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තමන්ව අගය කිරීමෙන් පසුව එම ක්‍රමන්ත්‍රණයන් දියත් වෙමින් පවතින බවත් අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයින් විසින් අපහාස කිරීම් හා අවලාද කිරීමේ මෙහෙයුමක නිරතවී සිටින බවත් එම ක්‍රමන්ත්‍රණයේ තොරතුරු සියල්ල ඉදිරි දින කිහිපය තුළදී හෙළි කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අමරවීර මහතා සදහන් කර ඇත.