උප ජනාධිපතිවරුන් පත්කළ යුතු යැයි සුළු ජාතික පක්‍ෂවලින් ඉල්ලීමක් ?

ශ්‍රි ලංකා ජන රජයේ ජනාධිපතිවරයාට අමතරව අනෙකුත් සියලූම ජන සමුහයා නියෝජනය වනලෙස උප ජනාධිපතිවරුන් තිදෙනකුද පත් කළ යුතු බව සුළු පක්‍ෂ හතරක ප්‍රධානීන් විසින් යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන අතුරු කමිටුවෙන් ඉල්ලීමක් කර ඇත බව වාර්තාවේ.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම්, ද්‍රවිඩ ප්‍රගතිශීලී සංධානයේ මනෝ ගනේෂන්, ඕල්සිලෝන් මක්‌කල් කොන්ග්‍රසයේ රිෂාද් බදුර්දින් සහ ඊ. පී. ඩී. පී නායක ඩග්ලස්‌ දේවානන්ද යන දේශපාලන නායකයන් විසින් මෙම ඉල්ලීම කර ඇති අතර මෙතෙක්‌ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හැඳින් වූ ශ්‍රී ලංකාව, ඉදිරියේදී එක්‌සත් ශ්‍රී ලංකා ජනරජය ලෙස නම් කරන ලෙසද එම දේශපාලන නායකයන් විසින් ඉල්ලා ඇති බවට වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top