අද සහ හෙට මිනින්දෝරුවන් අසනීප නිවාඩු

සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බවට චෝදනා කරමින් අද (11) සහ හෙට (12) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ මිනින්දෝරු සංගමය පවසා සිටියි.

මැනුම් ක්ෂේත්‍ර සහයකයින් බඳවා නොගැනීම අැතුළු වෘත්තීය ඉල්ලීම් කිහිපයක් සදහා විසදුම් ලබා දෙන ලෙස කිහිප වරක් ඉල්ලීම් කළ ද බලධාරීන් මෙතෙක් ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා මෙසේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවත් ඒ තුළින් හෝ සිය ගැටළු සදහා පිළිගත හැකි විසදුමක් නොලැබුනහොත් ලබන 13 වනදා සිට අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදු වන බව ද රජයේ මිනින්දෝරු සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top