රජයේ සුබසාධන ගැන තොරතුරු ඇතුලත් වෙබ් අඩවියක්

රජය විසින් ජනතාවට ලබාදෙන සියලුම සුබසාධන ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් ආරම්භ කර තිබේ. socialregistry.gov.lk යන වෙබ් අඩවිය පිවිසීමෙන් රජය මගින් සපනය සුබසාධන ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු ලබාගත් හැකි බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය සඳහන් කරයි.

දීප ව්‍යාප්තව සුබසාධන ව්‍යාපෘති විසිරී ඇති ආකාරය හඳුනා ගනිමින් එම ව්‍යාපෘතිවල ප්‍රගතිය ආදිය පිළිබඳ දත්ත ලබාගත හැකි පර්යේෂණ මූලාශ්‍රයක් ලෙසද මෙය හඳුනාගත හැකිය.

මේ අතර, සුබසාධන ප්‍රතිලාභ ලබන සියලුම දෙනා පිළිබඳ නිවැරැදිව තොරතුරු දැනගැනීමට හැකිවන අතර සොරකම්, ගසාකෑම්වලින් සහ වංචාවන්ගෙන් තොරව නිවැරැදිම පුද්ගලයන් වෙත විනිවිද ක්‍රියාවලියක් තුළින් තම සුභසාධන අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවීම මෙහි මූලික ප්‍රතිලාභය බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top