පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකු කිලිනොච්චියදී අත්අඩංගුවට

කිලිනොච්චිය නගරයේ පිහිටි පාසල් සිසුන් කිහිප දෙනෙකුට මාවා ඇතුළු දුම්කොළ ආශ්‍රිත මත්ද්‍රව්‍ය අලෙවි කළැයි සැකපිට කිලිනොච්චිය හා මුල්ලතිව් නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න මතතාගේ විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් විසින් ඊයේ දින රාත්‍රී ඉරණයිමඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවා විසින් පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ප්‍රදේශවාසීන් විසින් කිලිනොච්චිය හා මුල්ලතිව් නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න මතතාට ලබාදුන් තොරතුරකට අනුව කළ මෙහෙයුමකින් අනතුරුව අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුව අද දින කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top