නොරොච්චෝල බලාගාරයේ දෙවන අදියර දින 05 කින් සක්‍රීය තත්ත්වයට කරන බවත් විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාම සඳහා විදුලිය ඉතාමත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස විදුලි පාරිභෝගික ජනතාවගෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා තිබේ.
ලක්විජය බලාගාරයේ ටර්බයින 03 ම බිදවැටි තිබෙන අතර මේ යන්ත්‍ර 03 න් 02 ක් හෝ නැවත පණගන්වන තුරු ඉදිරි වැඩකරන දින 05 තුළ රටට අවශ්‍ය විදුලි ප්‍රමාණයෙන් 1/6 ක අඩුවක් කළමනාකාරණය කරගත යුතු බව නොරොච්චෝල බලාගාරයේ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය පිළිබඳව නිරීක්ෂණයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
කොත්මලේ සහ රන්දෙනිගල ජලාශවලින් ජලය වැඩිපුර ජලය යොදාගෙන මේ තත්ත්වය යහපත් පැත්තට කළමනාකරණය කරගන්න බලාපොරොත්තු වන බවත් කර්මාන්ත හිමියන් ඔවුන්ගේ විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරලා විදුලිය නිපදවාගෙන මේ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය කළමනාකරණය කරගන්න උපකාර වන ලෙස තමා ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
– Global Tamil News : Sinhala
Add Comment