අද සිට විදුලි කප්පාදුවක්

powercut- විදුලිනොරොච්චෝල තාප විදුලි බලාගාරයේ ජනන කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වීමෙන් මෙගාවොට්‌ 900 ක විදුලි ධාරිතාවක්‌ ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති බැවින් අද (17 ) සිට විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්‌ඩලය පවසයි.

දිවයින කලාප 04කට බෙදා විදුලිය අත්හිටුවිමට නියමිත අතර, පෙරවරු 08.00 සිට සවස 06.00 දක්වා අතර පැයක කාලයක් ද, රාත්‍රී 08.00 සිට 10.00 දක්වා අතර පැයක කාලයක් ද විදුලි බලය අත්හිටුවන බව එම අමාත්‍යංශයය නිවේදනය කරයි.

පෙරේදා (15 ) උදැසන 10.46 ට පමණ කොත්මලේ සිට අනුරාධපුර විදුලි උපපොළ දක්‌වා විදුලිය රැගෙන යන කිලෝවොට්‌ 220 රැහැන් පද්ධතියේ සිදුවූ බිඳවැටීමක්‌ හේතුවෙන් නොරොච්චෝල තාප බලාගාරයේ ස්‌වයං ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.

ඒ අනුව නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය තුළ සිදුවූ ක්‍රියාවිරහිත වීම යථාතත්ත්වයට පත් කරන තුරු පැය 02ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි බලමණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top