ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ මියන්මාර් රාජ්ය මන්ත්රණ සභාවේ සාමාජිකා, මියන්මාර් විදේශ කටයුතු ඇමතිනි අවුන් සාන් සුකී මහත්මිය අතර හමුවක් සිදු විය.
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් දිගු අරගලයක් කළ සුවිශේෂී නායිකාවක් වු අවුන් සාන් සුකී මහත්මියගේ වැඩපිළිවෙළ අගය කළ ජනාධිපතිතුමා ශ්රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ද අවුන් සාන් සුකී මහත්මිය වෙත ආරාධනා කළේය.
ශ්රී ලංකාව තුළ සිදු කරමින් පවතින ප්රජාතන්ත්රවාදී පරිවර්තනය ඇගයීමට ලක් කළ අවුන් සාන් සුකී මහත්මිය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ දේශපාලන ගමන් මග පිළිබඳ තම ප්රසාදය පළ කර සිටියාය.
එමෙන්ම දෙරට අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන බව පැවසූ සුකී මහත්මිය මහනුවර ඓතිහාසික දළදා මාළිගාව සඳහා මියන්මාරයෙන් ඇත් පැටවෙකු ලබාදීමට ද කැමැත්ත පළ කළාය.
– Global Tamil News : Sinhala
Add Comment