අතුරුදන්වූවන් පිළිබඳව රජය සමඟ අපි තදින් කටයුතු කරන බවත්, අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණය සහ ජනතාවගේ අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් සියළු දෙනාම දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසා තිබේ.
අද (12) දින කිලිනොච්චියේ සංචාරයක නිරතවූ සම්බන්ධන් මහතා, කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට දින 143ක කාලයක් සත්‍යග්‍රහයක යෙදී සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවූ අවස්ථාවේ මේ බව පවසා තිබේ.
එහිදී වැඩිදුරටත් සම්බන්ධන් මහතා පවසා සිටියේ,
අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජනපති හා අගමැති අතර සාකච්ඡා කරන විට සාමාන්‍යන් කතා කරන්නේ නැහැ, ඒ ගැන ඉතා තදින්ම කතා කරනවා, මගේ ජනතාවට තීරණයක් ලබාදිය යුතු බව පවසා තිබෙනවා, පොඩ්ඩක් ඉවසන්න තීරණයක් ලබා දෙන්නම් යැයි ඔවුන් පවසා තිබෙනවා.
අපි දෙවියන්ගෙන් ඉල්ලා සිටිමු. අතුරදන්වූවන්ගේ ප්‍රශ්ණය, නැවැත පදිංචිය ඇතුළු ජනතාවගේ අනෙකුත් සියළු ප්‍රශ්ණවලට විසඳුම් ලැබිය යුතුයි. යුද්දය අවසන් වූ පසු රාජපක්ෂ පාලනයේදී කිසිවක් සිදුවුයේ නැහැ, නමුත් දැන් වැඩපිළිවල් කිහිපයක් ක්‍රියාත්මකව තිබෙනවා. නමුත් එහිදී ද ප්‍රමාදයක් විවිද ගැටළු පවතිනවා. අපිට එම කටයුතු සිදු කර ගැනීමට නම් කාලයක් ලබාදිය යුතුයි. අතුරුදන්වූවන් පිළිබඳව අපි කිසිවක් නොකළාම නොවෙයි එය සංකීර්ණ ප්‍රශ්ණයක් වුනත් මෙම ජනතාවට විසඳුමක් ලැබිය යුතු හෙයින් අපි කැපවී කටයුතු කරමින් සිටිනවා. මේ ගැන රජය සමඟ අපි සාකච්ඡා කර තිබෙන අතර, මින්පසු ද තදින්ම සිටීමට තීරණය කර තිබෙනවා‘ යැයි සම්බන්ධන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.
මෙම අවස්ථාවට පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. ශ්‍රී දරන්, උතුරු පළාත් හිටපු අධ්‍යාපන ඇමැති ත.කුරුකුලරාජා ඇතළු මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගිවූහ.
Add Comment