ලොරි රථයේ ටයරයට වෙඩි තබන්නට තිබුණා – විග්නේෂ්වරන්

පොලිසිය තමන්ට ලැබී ඇති බලය අයුතු ලෙස භාවිතා කිරීම හේතුවෙන් වෙඩි තැබීමේ සිද්ධියන් වාර්තා වන බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකාව සඳහා වූ කැනඩානු මහ කොමසාරිස් ෂෙල්ලි වයිටිනිං මහත්මිය අතර ඊයේ (11) දින පැවැති සාකච්ඡා හමුවකදී උතුරු පළාත් මහ ඇමැතිවරයා මේ බව පවසා තිබේ.

පොලිසය තමන්ට ලැබි ඇති බලය අයුතු ලෙස භාවිතා කිරීම තුන්නාලයි ප්‍රදේශයේ තරුණයෙකුට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් දැක ගත හැකි බව මහ ඇමැතිවරයා පෙන්වාදී තිබේ.

පොලිසියේ අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම වැරදි ක්‍රියාවකි. පොලිස් අණ නොතකා වාහනය ධාවනය කරන්නේ නම් එම වාහනයේ ටයරයට වෙඩි තබන්නට තිබුණි. කෙනෙකුව වෙඩි තබා ඝාතනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top