ඉන්දිය ධීවරයන් 7ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමග ධීවරයින් හත් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා දෙකකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මෙම ධීවරයන්ව අත්අඩංගුවට ගෙන තිබේ. ධීවර කටයුතු සදහා තහනම් පන්න ක්‍රමයක් ලෙස නම්කර තිබෙන පතුල මත ඇදගෙන යාමේ පන්න ක්‍රමය හෙවත් බෝටම් ට්‍රෝලින් ක්‍රමය මගින් මෙම ධීවරයින් මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරතවූ බව නාවික හමුදාව පවසා තිබේ.

අත්අඩංගුවට පත්වූ ධීවරයන් සම්බන්‍ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සදහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂකවරයා වෙත භාරදීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top