ඉදිරි සතිය තුළ පොරොන්දු ඉටු නොකළේ නම් යළි වැඩ වර්ජනයකට – තැපැල් වෘත්තිකයන්

තමන් වෙත ලබා දෙන ලද ලිඛිත පොරොන්දු, ඉදිරි සතිය තුළ ඉටු කිරීමට බලධාරීන් කටයුතු නොකළහොත් ලබන 19 වන දා සිටි යළි වර්ජන ක්‍රියාමාර්ගයක් කරා යොමු වීමට සිදුවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අනතුරු අගවා සිටියි.

සති දෙකක කාලයක් ඇතුළත තම වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කර නිසි විසදුම් ලබා දෙන බවට බලධාරීන් විසින් ලිඛිත පොරොන්දුවක් ලබා දුන් අතර අදාළ සති දෙකක කාලය මේ වන විට අවසන් වී ඇති බැවින් වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීම හැර වෙනත් විකල්පයක්‌ නොමැති බව ද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top