ජනපති බංග්ලාදේශය බලා පිටත්ව යයි

බංග්ලාදේශ අගමැතිණි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවිය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බංග්ලාදේශයේ සිදුකරන පළමු සංචාරය මෙය වන අතර ජනාධිපතිතුමා වෙත ඉහළ පිළිගැනීමක් ලබාදිම වෙනුවෙන් එරට රජය සියලු කටයුතු සුදානම් කර තිබුණි.

මෙම සංචාරයේදී ජනාධිපතිතුමා බංග්ලාදේශ අගමැතිනිය සහ එරට ජනාධිපතිවරයා සමඟ සාකචඡා පැවැත්වීමට නියමිත අතර, බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, කථානායකවරයා මෙන්ම විපක්ෂ නායිකාව ද හමුවී සාකච්ඡා පවත්වනු ඇත.

එමෙන්ම දෙරට අතර කෘෂිකර්ම, අධ්‍යාපන, විදේශ කටයුතු පුහුණවීම්, ආගමන සහ විගමන ආදී ක්ෂේත‍්‍ර ආවරණ වන පරිදි අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද මෙහිදී අත්සන් තැබීමට නියමිතය.

මෙම සංචාරයට අමාත්‍ය රවි කරුණානායක, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න හා නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් ද එක්වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top