SRILANKAN NEWS

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගිවිසුම් 12 කට අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර නව ගිවිසුම් 12 කට අත්සන් තබයිශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර නව ගිවිසුම් 12 කට අත්සන් තැබීම දෙරට රාජ්‍ය නායක දෙපළ ඉදිරියේ සිදු විය.

දෙරටේ ප්‍රමිති ආයතන දෙක අතර ප්‍රමිතිකරණය සම්බන්ධයෙන් අත්සන් තැබූ අතර විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සහ එරට කර්මාන්ත අමාත්‍යවරයා ඊට අත්සන් තැබීය.

දෙරට අතර ආර්ථීක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද ගිවිසුමට අත්සන් තබන ලද්දේ විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සහ එරට වාණිජ අමාත්‍යවරයා විසිනි.

කෘෂිකාර්මික සහයෝගීතාවය පිළිබඳ ගිවිසුමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ මහතා සහ එරට කෘෂිකර්ම අමාත්‍යවරයා අත්සන් තැබීය.

තොරතුරු තාක්ෂණය පිළිබද ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර ඊට අත්සන් තබන ලද්දේ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියන්න මහතා සහ එරට තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා විසිනි.

ගුවන්විදුලි සහ රූපවාහිනි සංවර්ධනය පිළිබඳ ගිවිසුමට ද නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ එරට තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යවරයා අත්සන් තැබීය.

නෞකා ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පිළිබද ගිවිසුමට නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සහ එරට නාවුක කටයුතු පිළිබඳ අමාත්‍යවරයා අත්සන් තැබීය.

විදේශ සේවා නිලධාරින් පුහුණු කිරීමේ සහ විදේශ සේවා පුහුණු ඒකකයක් පිහිටුවීම පිළිබඳ ගිවිසුම් දෙකකට ද අත්සන් තැබුණු අතර දෙරටේ විදේශ අමාත්‍යවරු ඊට අත්සන් තැබුහ.

දෙරට අතර රාජතාන්ති්‍රක සහ රාජකාරී ගමන් බලපත්‍ර වීසාවලින් නිදහස් කිරීම පිළිබද ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සහ එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අත්සන් තැබූහ.

දෙරට අතර ඇගලුම් ක්ෂේත්‍රයේ ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර තොරතුරු තාක්ෂණය හා සංනිවේදනය පිළිබද ගිවිසුමකට ද අත්සන් තැබිණි.