කලාපීය රටවල් තුළ මානව ආරක්ෂාව ඉතා වැදගත් බවත් සියලූම ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීමට කලාපය එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ (16) ඉන්දියාවේ ගෝවා නගරයේ දී ආරම්භ කෙරුණු බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපති මේ බව පවසා තිබේ.
බිම්ස්ටෙක් රටවල් සමූහයේ සංවර්ධන සක්‍යතා වර්ධනය කර ගැනීමට මෙවැනි සහයෝගීතා සමුළු ඉතා වැදගත් වන අතර, සාර්ක් සහ ආසියානු කලාපය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනිමට මෙම සමුළුව තුළින් හැකිවනු ඇති බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.
කලාපය තුළ මානව ආරක්ෂාව ඉතා වැදගත් බවත් සියලූම ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීමට කලාපය එක්විය යුතු අතර අප ආර්ථිකයන් නවීකරණය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරිම, දැනුම හුවමාරු කර ගැනීම, තාක්ෂණය සඳහා වැඩි පිවිසුමක් ලබාදීම, හැකියා වර්ධනය සහ වෙළෙඳ කටයුතු සහ ආයෝජන පුළුල් කර ගැනීම තවදුරටත් පමා කළ නොහැක.
ජනතාවගේ ප්‍රගතිය සහ සුරක්ෂිත බව තහවුරු කර ගැනීම සඳහා සාමය සවිමත් කළ යුතුය. මෙම පසුබිම යටතේ අපි කුමන මුහුණුවරකින් පැමිණියද ත්‍රස්තවාදය මුළුමනින්ම හෙළා දකින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
– Global Tamil News : Sinhala
Add Comment