අගවිනිසුරු ශ්‍රීපවන් රජයේ වැඩ බලයි

sribavan-ශ්‍රීපවන්මේ දිනවල රජයේ වැඩ භාර ප්‍රධානියා ලෙස අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා කටයුතු කරමින් සිටියි.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා විවිධ හේතූන් මත විදෙස් ගත වීම හේතුවෙන් මෙලෙස රජයේ වැඩ භාර ප්‍රධානියා ලෙස අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා කටයුතු කරනු ලබන බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බිම්ස්‌ටෙක්‌ සමුළුවට සහභාගිවීම සදහා ඉන්දියාවට පිටත්ව ගොස් ඇති අතර නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෙල්ජියම බලා පිටත්ව යන ලදී. රටේ තෙවැන්නා ලෙස සැලකෙන කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු නියෝජිතයන් චීනයේ නිල සංචාරයක නිරතව සිටියි.

ජනාධිපති, අගමැති හෝ කථා නායාකවරයා යළි දිවයිනට පැමිණෙන තෙක් අගවිනිසුරුවරයා රජයේ වැඩ භාර ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top