2007 වසරේදී තරුණයින් 11 දෙනෙකු පැහරගෙන යාම සහ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අැති හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ජූලි 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) නියෝග කර අැත.
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා පසුගිය2 (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහු අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් ඉහත නියෝගය ලබා දී අැත.
Add Comment