නැගෙනහිර පළාතේ සංචාරක සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාත් සංචාරක කාර්‍යංශයෙහි ප්‍රධාන කාර්‍යාලයක් ඊයේ (14) දින නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතාගේ අතින් විවෘත කරන ලදි.
එම අවස්ථාවට පළාත් අමාත්‍යවරුන් වන ඒ.එල්.එම්. නසීර්, කේ. තුරයිරාසිංගම්, නියෝජ්‍ය පළාත් සභාපති ඉන්ද්‍රකුමාර් ප්‍රසන්නා, ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් ද සහභාගිවූහ.

