දුම්රියෙන් වැටී පුද්ගලයෙකු මරුට

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල) කොළඹ සිට යාපනය බලා ඊයේ (14) දින ධාවනය වූ දුම්රියේ සිට පුද්ගලයෙකු වැටී ජීවිතක්‍ෂයට පත්ව තිබේ. මාන්කුලම් හා මුරුකන්ඩි අතරවූ ස්ථානයක ඔහු මෙලෙස දුම්රියෙන් වැටී ජීවිතක්‍ෂයට පත්වී ඇති බව වාර්තාවේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් මාන්කුලම් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව මාන්කුලම් පොලිසිය විසින් එම පුද්ගලයාව සෙවීමේ කටයුතු ආරම්භ කර තිබුණි. ඒ අනුව අද පෙරවරුවේ මුරිකන්ඩි හා කොක්කාවිල් ප්‍රදේශයට අතර දුම්රිය මාර්ගයේ තිබී ඉකුත් පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top