මුලන්කාවිල්, පල්ලවරායන් ප්රදේශයේ නිවසකට ඊයේ (16) දින අළුයම ඇතුල් වූ සොරුන් කණ්ඩායමක් නිවසේ සිටි පිරිස තර්ජනය කර එහි තිබූ මුදල් හා රන් ආභරණ කොල්ලකා පලා ගොස් තිබේ.
රුපියල් හාර ලක්ෂ තිස් හතර දාහක මුදල් ස පවුම් 36ක රන් ආභරණ මෙලෙස කොල්ලකා ගොස් ඇති බව පැවැසේ. මේ සම්බන්ධයෙන් මුලන්කාවිල් පොලිසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව මුලන්කාවිල් සහ කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.
මේ අතර පසුගිය සෙනසුරාදා දින රාත්රී 11ට පමණ ජෙයපුර් ප්රදේශයේ නිවසකට ඇතුල්වූ පිරිසක් නිවසේ සිටි පිරිසට පහරදී එහි තිබූ පවුම් දෙකහමාරක රන් ආභරණ කොල්ලකා ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් නාච්චිකුඩා පොලිසියට පැමිණිළි කර තිබේ.
පසුගිය අඟහරුවාදා දින මේ අයුරින්ම මුරසුමෝට්ටයි පලයගමම් ප්රදේශයේ නිවසකට ඇතුල්වූ පිරිසක් එහි සිටි මහලු යුවළ තර්ජනය කර නිවසේ තිබූ රුපියල් 30 දාහක මුදල් සහ රන් පවුම් පහක්ද සොරාගෙන යෑමේ සිද්ධියක්ද වාර්තාවේ.
– Global Tamil News : Sinhala
Add Comment