අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂිකා ඉල්ලා අස්වෙයි

thirukshiඅල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (17) දින ජනාධිපතිවරයා වෙත යවා ඇති බව වාර්තාවේ.

විදේශ සංචාරයක නිරතව සිටි ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය දිවයිනට පැමිණීමෙන් අනතුරුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යවා ඇති බවත් පසුගියදා ජනාධිපතිවරයා විසින් වංචා දූෂණ සම්බන්ධයෙන් සිදුකෙරන පරීක්ෂණ පක්ෂග්‍රාහීව සිදුවන බවට සිදුකළ ප්‍රකාශය මෙම ඉල්ලා අස්වීමට හේතුවිය හැකි බවද පැවැසේ.

කොමිසමක වුවද අධ්‍යක්ෂ ජනරාල්ලා පත් කරන්නේ තමා බැවින් කොමිසමේ කටයුතු ගැන තමා දැනුම්වත් කළ යුතු අතර හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ත්‍රිවිද හමුදාපතිවරුන් පරීක්ෂණවලට අදාළව තමන්ට නොදන්වා අධිකරණයට ගෙනයාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගිය දා කියා තිබිණි. ජනපතිගේ එම ප්‍රකාශයට සිවිල් සංවිධානවලින් දැඩි විවේචන එල්ල විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අල්ලස් ‍හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පසුගිය වසරේ පෙබරවාරී 11 වැනිදා පත්කර තිබීම විශේෂත්වයකි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top