ගම්මිරිස් ගොවි අර්බුදය ගැන හෙට සාකච්ඡාවක්

විදේශයෙන් ගම්මිරිස් ගෙන්වීමත් සමග මෙරට ගම්මිරස් සඳහා නිසි මිලක් නොලැබීම, මෙරට ගම්මිරිස් විදේශිය ගම්මිරිස් සගම මිශ්‍රකර නීතිවිරෝධීව අපනයනය කිරීම, ඒ තුළින් මෙරට ගම්මිරිස් සඳහා ඇති තත්වය පහත වැටීම, ඒ හේතුවෙන් මෙරට ගම්මිරිස් ගොවිතැන කඩා වැටීම ඇතුළු ගම්මිරිස් ගොවියා මුහුණදෙන ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා සමග හෙට (17) පස්වරු 2.00ට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේදී සාකච්ඡාවක පැවැත්වීමට නියමිත බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඒ අනුව හෙට දින ගම්මිරිස් කර්මාණ්තයේ නියැලෙන ගෙවි නායකයින් සමග අදාළ සාකච්ඡාව සඳහා සහභාගී වන බවත් එහිදී ගොවි ගැටළුවලට අමාත්‍යවරයා ලබාදෙන විසඳුම් අනුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරන බවත් නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top