SRILANKAN NEWS

මීගමුවේ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

මීගමුව නගරයේ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී කාන්තාවන් 7 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

සැකකරුවන් පන්විල, බොරලැස්ගමුව, ජා-ඇල, මාදම්පේ, නිකවැරටිය, කඩුවෙල, රාගම සහ කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.