සහල් හිඟයට විසදුමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 55000ක් ආනයනය කිරීමට පියවර…

වර්ෂාව නොමැතිවීමත් සමග වී ගොවිතැනට විශාල ලෙස බලපෑමක් එල්ලිවීම නිසා ඉදිරියේදී රට තුල ඇතිවිට හැකි සහල් හිඟයට විසදුමක් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් මෙට්‍රික් ටොන් 55000 ක් පකිස්ථානයෙන් සහ මියන්මාරයෙන් ආනයනය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මියන්මාරයෙන් සහල් මෙට්‍රික්ටොන් 30000 ක් සහ පකිස්ථානයෙන් සහල් මෙට්‍රික්ටොන් 25000 ක් මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇත. එම සහල් වල ගුණාත්මකභාවය ගැන සොයා බැලීම සදහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් මත පසුගිය (07) වන දින නිළධාරී මඩුල්ලක් එම රටවල් වලට යවා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top