අල්ලස් මුදලක් ලබාගත් කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයට අනුයුක්තව කටයුතු කරන ග්‍රාම සේවා නිළධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් අද (17) දින අත්අඩංගුවට ගෙන තිබේ.
අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකුගේ නම් ජන්ද නාම ලේඛනයට ඇතුලත් කිරීම සඳහා ඔහු විසින් රුපියල් 3000ක අල්ලස් මුදලක් ලබාගත් බව වාර්තාවේ.