සිංගප්පූරු විදේශ කටයුතු ඇමැති දිවයිනට

සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය වී. බාලක්‍රිෂ්ණන් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (17) දිවයිනට පැමිණ තිබෙන අතර ඒ මහතා ලබන 21දා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

මෙම සංචාරය තුළ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරු ඇතුළු රජයේ දේශපාලන නියෝජිතවරුන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

ඒ මහතා යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top