මුල්ලතීව් පාසලක පිපිරිමක් –

මුල්ලතිව් කෝකිලායි ප්‍රදේශයේ පිහිටි සිංහල මහා විද්‍යාලයේ පාසල් ළමුන් විසින් අද (18) දින පෙරවරුවේ සිදුකළ ඩෙංගු මර්දන වැඩසටනක් අතර පාසල් භූමිය පිරිසිදු කර එම කුණු එකතු කර පිළිස්සීමේ දී සුළු පිපිරුමක් සිදුව තිබේ.

පිපිරීමෙන් පාසල් සිසුවියන් 06දෙනෙකු හා සිසුන් දෙදෙනෙකු කම්පනය හේතුවෙන් මුලතිව් මංචෝල රෝහලට ඇතුලත් කර තිබෙන අතර, ඔවුන්ට කිසිදු තුවාලයක් සිදුව නොමැති බව වාර්තාවේ.

පිපිරීම සිඳුවූ ස්ථානයට මුල්ලතිව් හා කෝකිලායි පොලිසය පැමිණ වැඩිදුර පරික්‍ෂණ කටයුතු සිදුකර ඇති අතර, කසල ගොඩේ තිබූ යම්කිසි පුපුරණ ද්‍රව්‍යක් පුපුරා යන්නට ඇති බවට සැක පළකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top