SPORTS

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරඟයේ ජය ලංකාවට

Image may contain: 3 people, people smiling, baseballසිම්බාබ්වේ කණ්ඩායම සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති පළමු හා එකම ටෙස්ට් කි‍්‍රකට් තරගය කඩුලූ 04කින් ජයගැනීමට ශී‍්‍ර ලංකාව අද සමත්වුණා.

ලකුණු 388 ක ඉලක්කය හඹාගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 391ක් ලබාගනිමින් තරගය ජයගත්තේ කඩුලූ 06ක් බිඳවැටී තිබියදීයි.

නොදැවි විශිෂ්ඨ ඉනිමක් කී‍්‍රඩා කළ අසේල ගුණරත්න ලකුණු 80ක් රැස්කළ අතර ඔහු තරගයේ වීරයා සම්මානයද හිමිකරගත්තා. මෙම තරගයේ ලකුණු 249කට කඩුලූ 11ක් බිඳහෙලූ රංගන හේරත් ටෙස්ට් තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගැනීමට සමත් වුණා.

මේ අතර ටෙස්ට් තරගාවලියකදි වැඩිම ලකුණු ප‍්‍රමාණයක් හඹාගොස් ජයගත් ලොව කණ්ඩායම් අතර පස්වන ස්ථානය ලබාගනිමින් වාර්තා පොත් අලූත් කිරීමටද ශී‍්‍ර ලංකාව සමත්වීම විශේෂත්වයක්.