ප්‍රවීන සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ සෝමපාල රත්නායක අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයකු හා වාදන ශිල්පියෙකු වන සෝමපාල රත්නායකයන් අද (18) අභාවප්‍රාප්ත වූයේ ය. අසනීප තත්ත්වයක් මත කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සෝමපාල රත්නායක මහතා මිය යන විට 69 වන වියෙහි පසුවිය.

ඔහු ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායකයගේ වැඩිමල් සොහොයුරා ද වේ. දේහය මහජන ගෞරවය සඳහා උස්වැටකෙයියාව, බෝපිටිය පාර, 78 සී දරණ නිවසේ තැන්පත් කර තැබීමට නියමිත ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top