අනවසරයෙන් පාසල් ක්‍රීඩාංගනය අත්පත්කර ගැනීමට එරෙහිව විරෝධතාවක්

මඩකළපුව, වාලයිච්චේනයි කෝරලයිපට්රු, මුරාවෝඩයි ශක්ති විද්‍යාලයේ ක්‍රීඩාංගනයට අයත් ඉඩම යම්කසි පිරිසක් විසින් අනවසරයෙන් අත්පත් කරගෙන එහි කටුකම්බි වැට දමා ඇතැයි පවසා පාසල් සිසුන්, දෙමව්පියන් සහ ප්‍රදේශවාසීන් විසින් අද (18) දින විරෝධතාවක් පවත්වා තිබේ.

පාසලට අයත් එම ක්‍රීඩාංගනය තුළ පසුගිය මාස 8ක කාලයක් එම පිරිස අනවසරයෙන් රැඳී සිටින අතර, මේ සම්බන්‍ධයෙන් අදාළ බළධාරීන් සහ දේශපාලන නායකයන්ට දැනුවත් කළ නමුත් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද විරෝධතාකරුවන් පවසා තිබේ.

මේ අතර, අනවසරයෙන් රැදී සිටින පුද්ගලයන් දින 10ක් තුළ එයින් ඉවත්විය යුතු බවත්, නැතිනම් ප්‍රදේශවාසීන් එක්ව අනවසරයෙන් ඉදිකළ වැට හා පැල්පත් කඩා ඉවත් කිරීමට පියවර ගන්නා බවට මඩකළපුව මංගලාරාමා විහාරාධිපති අම්පිටිය සුමනරත්න හිමියන් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top