උමාඔය ව්‍යාපෘතිය පිළිබඳ වාර්තාව අද කැබිනට් මණ්ඩලයට

උමාඔය ව්‍යාපෘතිය පිළිබද විමර්ශනය කිරීම සදහා අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද ත්‍රිපුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව අද (18) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මෙම කමිටුව උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනය කරමින් මෙම වාර්තාව සකස් කර ඇති අතර මෙම ව්‍යාපෘතිය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට අදාළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් ද අද දිනය තුළ ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top