ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති දුමින්ද රත්නායක

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දුමින්ද රත්නායක මහතා පත් කර තිබේ. ජනාධිපතිවරයා විසින් අද එම පත්වීම සිදු කර ඇති බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කර ඇත.

ආයෝජන මණ්ඩල හිටපු සභාපතිවරයා උපුල් ජයසුරිය මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ පසුගිය සතියේ ඉවත් වීමෙන් පසු මෙම නව පත්වීම සිදුකර ඇත. දුමින්ද්‍ර රත්නායක මහතා මිට පෙර සිටම ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top