මුල්ලිවායිකාල් අනුස්මරණ දිනයේදී මුල්ලතිව් දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීම නොපැවැත්විය යුතු බවත්, එම රැස්වීමට සහභාගිවීම සඳහා ජනපති මුල්ලතිව්වලට නොපැමිණිය යුතු යැයි පවසා පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා විසින් පවත් වන ලද මාධ්‍ය හමුව සම්බන්ධයෙන් නිදහස් මාධ්‍යවේදියෙකු වන තමිබිතුරයි ප්රදීපන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුව විසින් පැය දෙකක කාලයක් ප්‍රශ්ණ කර තිබේ.
පසුගිය මැයි 8වනදා යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වූ පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම්, මුල්ලිවායිකාල් අනුස්මරණ කටයුතු සිදුකරන දිනයේදී මුල්ලතිව් දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීමට නොපැවැත්විය යුතු බවත්, එයට ජනාධිපතිවරයා ද සහභාගි නොවිය යුතු බවත් එලෙස සහභාගිවුයේ නම් කළු කොඩි විරෝධතාවක් පවත්වන බවට පවසා තිබුණි.
එම ප්‍රකාශ පිළිබඳ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තු විසින් ඊයේ (18) දින තම්බිතුරයි ප්රදීපන්ගෙන් ප්‍රශ්ණ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීමක් සඳහා පසුගිය 10 වනදා කොළඹ පැමිණෙන ලෙස තම්බිතුරයි ප්රදීපන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුව කැඳවා තිබුණි. කෙසේ නමුත් ඔහු අනතුරකට ලක්වීම හේතුවෙන් ඔහුට එදින කොළඹ යෑමට නොහැකිවුණි. තවද තමන්ට කොළඹ පැමිණීමට නොහැකි තත්වයක සිටින බවට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුවට දැනුම් දී තිබේ.
මෙවැනි තත්වයකදී කොළඹ සිට යාපනයට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුවේ කණ්ඩායමක් යාපනය අච්චුවේලි පොලිස් ස්ථානයේදී ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
Add Comment