අගෝස්තු 2වනදා සිට සැප්තැම්බර් 2වනදා දක්වා උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වීම තහනම්!

2017 අගෝස්තු මස 02 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන 2017 සැප්තැම්බර් 02 වනදා දක්වා සම්පූර්ණ කාලය තුළ මෙවර අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින කිසිදු අපේක්ෂකයෙකු සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හෝ වැඩමුළු පැවැත්වීම, එම විභාග සඳහා අනුමාන ප්‍රශ්ණ ඇතුලත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරිම හා බෙදා හැරීම, විභාග ප්‍රශ්නපත්‍රවල ප්‍රශ්ණ ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්ණ ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවන් දෑ ළඟ තබා ගැනීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.

යම් පුද්ගලයෙක්, ආයතනයක් හෝ පාර්ශවයක් විසින් මෙම නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් ළඟම පවතින පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පහත දුරකථන අංකවලට පැමිණිලි කළ හැකි බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පොලිස් මූලස්ථානය : 0112421111
පොලිස් හදිසි ඇමතුම් අංකය : 119
ක්ෂණික ඇමතුම් අංකය(වි.දෙපා) : 1911
පාසල් විභාග සංවිධාන ශඛාව : 0112784208 / 0112784537

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top