දූෂණ නඩු දෙකකට වරද පිළිගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අධිකරණය විසින් රුපියල් දෙදහසක දඩයක් නියම කර තිබේ.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ වසර දෙකක කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ මහින්ද රාජපක්ෂ පාලනසමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එම වරදට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් මෙලෙස නියෝග කර තිබේ.
අදාළ නඩුව ඉකුත් සතියේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ වරද පිළිගත් සරණ ගුණවර්ධන මහතාට දඬුවම් නියම කිරීම අද (20) දිනට නියම වී තිබුණි. ඒ අනුව අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා මෙම දඩය පනවා ඇති අතර, අදාළ දඩය ගෙවන්නේ නැතිනම් මාස දෙකක සිර දඩුවම් නියම කිරීමට ද අධිකරණය නියම කර තිබේ.
Add Comment