සීනි කන්ටේනරයක් තුළ සඟවා තිබු කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 218ක් සොයා ගනී..

සතොස මගින් පෞද්ගලික සමාගමක් හරහා මෙරටට ගෙන්වන ලද සීනි කන්ටේනරයක් තුළ සඟවා තිබු කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 218ක තොගයක් ඊයේ (19) පස්වරුවේ සොයාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පෞද්ගලික සමාගමකට ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් මත බ‍්‍රසීලයේ සිට ගෙන්වන ලද සීනි කන්ටේනරය කොළඹ වරායේ සිට රත්මාලන බොරුපන ප‍්‍රදේශයේ ආර්ථික මධ්‍යස්ථානයට ගෙනැවිත් ඇත.

ආර්ථික මධ්‍යස්ථානයේ දී පස්වරු 5ට පමණ එම කන්ටේනරය කඩා ඉවත් කිරීමේ දී ඒ තුළ සුක්ෂම ලෙස සඟවා තිබු සැකකටයුතු බෑග් 10ක් එහි සේවකයින්ට හමුවී තිබේ.

පොලිස් මුරපොළේ පොලිස් නිලධාරීන් පැමිණ එම පාර්සල් පරික්ෂා කර ගල්කිස්ස පොලිසියට දැනුම් දී මෙන් පසු පොලිසිය පැමිණ එම පාර්සල් සහිත කන්ටේනරය පොලිස් බාරයට ගෙන ඇත. ගමන් මළු තුළ තිබී කොකේන් අඩංගු පාර්සල් 196ක් සොයා ගෙන තිබූ අතර තවත් පාර්සල් 2ක් ආර්ථික මධ්‍යස්ථානය තුළ සේවය කළ සේවකයන් දෙදෙනෙකු තුළ තිබී සොයා ගෙන තිබේ.

එම සේවකයන් දෙදෙනාද කන්ටේනර් රථයේ රියදුරු ද ඇතුළුව සැකකරුවන් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. ගණනය කිරීම් අනුව අත්අඩංගුවට ගත් කොකේන් තොගයේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 3200කට ආසන්න බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top