වැසි කාලයට පෙර අපගේ දුක්ඛිත තත්වයට විසඳුමක් දෙන්න – කනකාම්බිකයි පාසල් සිසුන්ගෙන් ඉල්ලීමක්

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල)ඉදිරි මාස කිහිපයකින් ආරම්භ වන මෝසම් වර්ෂාවට පෙර නිදහසේ අධ්‍යාපනය ලබා ගැනීමට හැකි පහසුකම් ලබා දෙන්නැයි කිලිනොච්චිය කනකාම්බිකයි පාසලේ සිසුන් ඉල්ලා සිටිති.

කිලිනොච්චිය කනකාම්බිකයි පාසලට අවශ්‍ය පන්ති කාමර නොමැති හෙයින තාවකාලික කූඩාරමක සිසුන් සිය අධ්‍යාපන කටයුතු සිදුකරති. නමුත් එම කූඩාරම ද දැඩි ලෙස අබලන්වී තිබේ. විශේෂයෙන් වහලය දැඩි ලෙස විනාශයට පත්වී තිබෙන තත්වයක දැනට පවතින අධික හිරු රශ්මිය ද දරා ගැනීමට නොහැකිව තම අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යමින් සිටිති.

එමෙන් මෙම සිසුන්ට අධ්‍යාපන කටයුතු සඳහා ස්ථීර ගොඩනැගිල්ලක් ඉදිකර දෙන ලෙස ගුරුවරුන් ඉල්ලා සිටියි. එයට පෙර ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ වන මෝසම් වර්ෂාවට පෙර දැනට පවතින කූඩාරමේ වහලය සකසා දෙන්නැයි සිසුන් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top