ඉන්දියාවේ 14වන ජනාධිපති රාම්නාත් ගෝවින්ද්

ඉන්දියාවේ පැවති ඡන්ද විමසීමෙන් එරට නව ජනාධිපතිවරයා ලෙස රාම් නාත් කෝවින්ද් මහතා පත්ව තිබේ.

ඡන්ද විද්‍යාල ක්‍රමයට පැවැත්වෙන එරට ජනාධිපතිවරයා තෝරාගැනීමේ ක්‍රමවේදයෙන් තුනෙන් දෙකක ඡන්දයක් ලබා ගනිමින් තම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට හෙතෙම සමත්ව තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂකයා ලෙස රාම්නාත් කෝවින්ද් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. එසේම විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටියේ මෙයිරා කුමාර් ය. මෙයිරා කුමාර් මහත්මියට වඩා ලක්‍ෂ 4කට වැඩි ජන්දයක් ලබා ගැනීමට රාම්නාද් ගෝවින්ද් මහතා සමත්ව තිබේ.

ඒ අනුව රාම් නාත් කෝවින්ද් ඉන්දියාවේ 14වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව ඇති අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් ට්විටර් පණිවිඩයක් මගින් ඔහුට සුභාශිංසන එක් කොට තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top