මතභේදයට හේතුව සියළු පාර්ශවයේ අදහස් නොගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමය – සම්බන්‍ධන්

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂොප් මහත්මිය (Julie Bishop) අද (20) දින දෙමළ ජාතික සන්ධානය හමුවිය.

ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට සියළු ජාතිකයන්ගේම අදහස් ඇතුලත් නොකළ බවත්, ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිබෙන මතභේදයට හේතුව එය බව විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා එහිදී පවසා තිබේ. තවද මෙම ප්‍රශ්ණය විසඳීම සඳහා සියළු පාර්ශවයන් එකඟවිය හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළ යුතු බව ද හෙතෙම අවධාරණය කර තිබේ.

තවද දෙමළ ජනතාව මුහුණ දෙන ඉඩම් ප්‍රශ්ණය, අතුරුදන්වූවන් හා නැවැත පදිංචිය ඇතුළු කරුණු රැසක් සම්බන්‍ධයෙන් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂොප් මහත්මිය සමඟ සාකච්ඡා කළ බව සම්බන්‍ධන් මහතා පවසා තිබේ. එම සාකච්ඡා හමුවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් මහතා ද සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top