SRILANKAN NEWS

රයන් ජයලත් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධ වගකීම රජය විසින් භාරගත යුතුයි

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධ වගකීම රජය විසින් භාරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි.

ඊයේ (21) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසිනි. රයන් ජයලත් යන අය “සයිටම්” විරෝධී උද්ඝෝෂණයක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වී රජයේ දේපළවලට හානි කළ බවට චෝදනා එල්ල වී ඇති මෙන්ම ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තුවක් ද නිකුත් වූ පුද්ගලයෙකු බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පැමිණ ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.