පොලිස් පරීක්ෂකවරුන් 16කට ස්ථාන මාරුවීම්

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හත් දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් නව දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී තිබේ. පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව එම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පැවැසේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජී. වයි. එස්. කීර්තිසිංහ මහතා ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙසත්,
මොරටුව මුලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඩී. එල්. එන්. රොද්‍රිගෝ මහතා කිලිනොච්චිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙසත් මාරුකර යවා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top