ග්ලෝබල් දෙමළ පුවතින් කනකාම්බිකයි පාසලේ වහලය අලුත්වැඩියා කර ගැනීමට මුදල් ආධාර

ඉදිරි මාස කිහිපයකින් ආරම්භ වන මෝසම් වර්ෂාවට පෙර නිදහසේ සිය අධ්‍යාපන කටයුතු සිදු කරගැනීමට උදව් කරන්නැයි කිලිනොච්චිය කනකාම්බිකයි පාසලේ සිසුන් ඉල්ලා සිටින බව ග්ලෝබල් දෙමළ පුවත් සේවය විසින් පසුගියදා පුවතක් පළ තිබුණි.

එම පුවතින් අනතුරුව යාපනය සාවකච්චේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට ලන්ඩන් නුවර පදිංචිව සිටින වා. සිවකුමාරන් මහතා විසින් කනකාම්බිකයි පාසලේ වහලය අලුත්වැඩියා කර ගැනීම සඳහා රුපියල් 50 දාහක මුදලක් ලබාදී තිබේ.

සිසුන්ගේ යහපත උදෙසා කඩිනමින් මුදල් පරිත්‍යාග කළ වා. සිවකුමාරන් මහතාට පාසල් ප්‍රජාව සිය ස්තූතිය පළ කර තිබේ.

වැසි කාලයට පෙර අපගේ දුක්ඛිත තත්වයට විසඳුමක් දෙන්න – කනකාම්බිකයි පාසල් සිසුන්ගෙන් ඉල්ලීමක්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top