වඩමරාච්චියේ වෙරළාරක්ෂක සෙබළුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට හා විමර්ශණ කටයුතු සිදු කිරීමට අද (22) දින නාවික හමුදාපති වඩමරාච්චියේ සංචාරයක නිරතව තිබේ.
වඩමරාච්චිය නැගෙනහිර ප්රදේශයේ නීති විරෝධි වැලි ජාවාරම ඉහළ ගොස් තිබෙන හෙයින් එය මැඩපැවැත්වීම සඳහා වෙරළාරක්ෂක සෙබළුන් ආරක්ෂක කටයුතුවල යෙදී සිටිති. මෙවැනි තත්වයකදී ඊයේ (21) දින වැලි ප්රවාහනය කළ පුද්ගලයන්ව සෝදිසි කිරීමට උත්සහ කළ අවස්ථාවේ වෙරළාරක්ෂක සෙබළුන්ට පහරදීමක් සිදුව තිබේ.
අනතුරුව වෙරළාරක්ෂක සෙබළුන් අහසට වෙඩි තැබීමෙන් අනතුරුව පහරදුන් පුද්ගලයන් පලා ගොස් තිබේ. මේ අතර, එම ප්රදේශයේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි නිළ ඇඳුමින් සිටි නිළධාරින්ට කඩුවලින් පහරදී ඇති බවද වාර්තාවේ.
මෙවැනි තත්වයකදී නාවික හමුදාපති අද දින ඉකුත් ප්රදේශයට පැමිණ වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කරන ලෙසත්, ආරක්ෂාව තවඳුරටත් තරකරන ලෙස ද උදෙස් ලබාදී තිබේ.
Add Comment