යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා ඉලක්ක කර ගනිමින් නල්ලුර් ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි පොලිස් සැරයන්වරයා අද (23) අළුයම මිය ගොස් තිබේ. වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ විනිසුරු මෝටර් රථයකට ආරක්ෂාව සපයමින් ගමන් කළ යතුරුපැදියේ සිටි 57 හැවිරිදි පොලිස් නිලධාරිය ය .
විනිසුරුවරයාගේ රථයේ සිටි පොලිස් නිලධාරියෙකු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාට ප්‍රතිප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඔහු එහිදී පලාගොස් තබේ.
සැරයන්වරයාගේ බඩ ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර එහිදී ශරීර අභ්‍යන්තරයට රුධිරය ගැලීම හේතුවෙන් මරණය සිදුවි ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
Add Comment