කැළි කසළ ගැටලූවට ස්ථීරසාර විසදුමක් ලබා දෙනවා – ජනපති

මෙරට කැළි කසළ ගැටළුවට ස්ථීරසාර විසඳුමක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙතෙක් කිසිඳු රජයකින් විසඳුමක් නොලැබුණු මෙරට කැළි කසළ ගැටළුව අනාතගයේ කිසිඳු රජයකට යළි මුහුණදීමට සිදු නොවන පරිදි ස්ථීරසාර විසඳුමක් ලබා දෙන බවයි.

කිරිදිවැල මිල්ලතේ මිල්ලතාකන්ද විවේකා සේනාසනයේ අභිනවයෙන් ඉදිකරණ ලද ශ්‍රී සීලරතන නාහිමි අනුස්මරණ භාවනා ශලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර වශයෙන් තිබෙන සහයෝගය සහ තාක්ෂණික උපදේශකත්වය මත නවීන තාක්ෂණය භාවිතා කරමින් කසළ ගැටළුවට ස්ථීර විසඳුමක් මේ වන විට රජය මඟින් ක්‍රියාත්මක කර තිබෙන බව එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ඉදිරි වසර කිහිපය තුළ කැළි කසළ මේ රටේ ජනතාවට ගැටළුවක් ඇති නොකරනු ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top