නල්ලූර් ප්‍රදේශයේ වෙඩි තැබීමකින් ජිවිතක්‍ෂයට පත්වූ සිංහල පොලිස් නිළධාරියා වෙනුවෙන් උතුරේ ජනතාව පහන් දල්වති

යාපනයේ නල්ලුර් කෝවිල අසලදී පිස්තෝලකරුවකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය පොලිස් සැරයන් (24330) හේමචන්ද්‍ර මහතා සිහි කිරීම සදහා යාපනයේ තරුණයින් විශාල පිරිසක් පොලිස් සැරයන්වරයාට වෙඩි වැදුණු ස්ථානයේ පහන් දැල්වීමක් අද 24 දා සවස සිදු කරණු ලැබීය.

සමාජ මාධ්‍යය හරහා ඉතා සුළු දැනුම් දීමකින් මෙම පහන් දැල්වීමේ පින්කම සංවිධානය කළ නමුත් ඊට ඉතා ඉහල ප්‍රතිචාරයක් තිබුණු බව එම වැඩ සටහන සංවිධානය කළ එස්. කජදීපන් පැවසීය.

මෙම අවස්ථාවට සහභාගි වූ සියළුම තරුණයින් ඉතා සංවේදීව හා හැගුම් බරව මෙම අවස්ථාවට සහභාගී වූ බවද ඔහු කියා සිටියේය.

-lankaenews-

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top